Friday, September 18, 2020

අම්බුළුවාව Ambuluwawa

 අම්බුළුවාව





ගම්පොළ ආසන්නයේ පිහිටලා තියෙන තවත් සුන්දර තැනක් තමයි අම්බුළුවාව. තමන්ගේ වාහනේකින් හරි බස් එකෙන් වුනත් යන්න පුළුවන්. හෙම්මාතගම, ගම්පොළ පාරෙ තමා අම්බුළුවාවට ඇතුල්වෙන තැන තියෙන්නේ.

බස් එකේ යනව නම් හෙම්මාතගම - ගම්පොළ බස් එකක යන්න ඕනෙ, අම්බුළුවාව entrance එකට ticket ගන්න.

වාහනේක යනවා නම් උඩටම උනත් යන්න පුළුවන්, off road ඕනෙම වාහනේකින්. පාර කඳු, ගැටි තියෙන නිසා car වගේ වාහන වලට යන්න අමාරුයි.

ඇතුල් වෙන්න ticket ගන්න ඕනෙ, එක්කෙනෙකුට රුපියල් 50යි. හැඳුනුම්පත අරන් යන්න මතක ඇතිව. වාහනයෙන් උඩට යනවා නම් ඒකට වෙනම රු100ක ticket එකක් ගන්න ඕනෙ. උඩ parking තියෙනවා. කැමති නම් පයින් උනත් යන්න පුළුවන්, විනාඩි 45ක විතර ගමනක්. ඕනෙ නම් Entrance එක ලඟ three wheel park එකකුත් තියෙනවා, three wheeler එකකින් උඩටම යන්න පුළුවන්.

උඩ කඩවල් නැහැ , කන්න snacks වගේ දෙයක් ඕනෙ නම් entrance එක ලග කඩෙන් අරන් යන්න. වතුර, washroom පහසුකම් උඩ තියෙනවා.

අම්බුළුවාව කියන්නෙ සර්ව ආගමික ස්ථානයක්. උස tower එකට අමතරව පන්සලක්, ක්‍රිස්තියානි පල්ලියක්, කෝවිලක්, ඉස්ලාම් පල්ලියක් තියෙනවා. පූජකවරු නම් නැහැ. තව ඇවිදින්න park එකක් වගේම කෘතිමව හදාපු උමගකුත් තියෙනවා.

Tower එක උඩට නැග්ගහම අම්බුළුවාව නගරය වගේම නකල්ස් කඳු වැටිය, පිදුරුතලාගල කන්ද, බතලේගල, සමනල කන්ද වගේ කදු වළලුත් හොඳට බලන්න පුළුවන්. ඒත් ඔයා යන්නෙ වැස්ස නැති දවසක නම් විතරයි,. වැස්ස කියලා දුක් වෙන්න එපා, වැස්ස දවසට උඩට නැග්ගහම වළාකුළු වලින් උඩට ගියා වගේ අත්දැකීමක් ගන්න පුළුවන්.

මෙතන camp කරන්න නම් බෑ, මොකද උදේ 8.30 ඉදලා හවස 6 වෙනකල් විතරයි විවෘත කරලා තියෙන්නේ.

Photos බලන්න : Ambuluwawa photos

Ambuluwawa

Ambuluwawa is another beautiful place located in Gampola. You can go by your own vehicle or by public bus.You have to go through Hemmatagama-Gampola Road to reach the Ambuluwawa entrance .

If you are going by bus, you have to take a Hemmatagama - Gampola bus and buy a ticket at the Ambuluwawa entrance. If you are going in a vehicle, you can go uphill, off road with any vehicle. The road is hilly and bumpy, making it difficult for vehicles such as cars.

You have to buy a ticket to enter and it is Rs. 50 per person. Remember to take your ID with you. If you go up by the vehicle you have to buy a separate Rs. 100 ticket for vehicle. There is parking upstairs. If you like, you can go on foot, a journey of about 45 minutes. If you want, there is a three wheel park near the entrance, you can go up by a three wheeler as well.

There is no shops at the top, if you want something like snacks to eat, take it from the shop near the entrance. Water and washroom facilities are there at the top.

Ambuluwawa is an all-religious place. In addition to the tall tower, there is a temple, a Christian church, a kovil and an Islamic mosque. There are no priests. There is also a walking park as well as an artificial tunnel.

From the top of the tower you can see the city of Ambuluwawa as well as the Knuckles Range, Pidurutalagala Kanda, Batalegala and Samanala Kanda. But you only go when it's not raining. Don't worry about the rain, it can feel like climbing up clouds on a rainy day.

You can't camp here, because it's only open from 8.30am to 6pm.

for more images : Ambuluwawa photos





No comments:

Post a Comment

අම්බුළුවාව Ambuluwawa

 අම්බුළුවාව ගම්පොළ ආසන්නයේ පිහිටලා තියෙන තවත් සුන්දර තැනක් තමයි අම්බුළුවාව. තමන්ගේ වාහනේකින් හරි බස් එකෙන් වුනත් යන්න පුළුවන්. හෙම්මාතගම, ගම...