උඩවත්ත කැලේ නුවර
නිතරම මහ නුවර යනවද? එහෙනම් ඔයා අනිවාර්යෙන්ම මෙතනට යන්න ඕනෙ.මහ නුවර නගරයේ, ශ්රි දළදා මාළිගාවේ සිට කිලෝමීටර් බාගයක් තරම් දුරකින් තමා උඩ වත්ත කැලේ පිවිසුම තියෙන්නෙ.
නගරයට ඉතාම ආසන්නයේ මේ වගේ ලස්සන, වගේම උද්භිද විද්යාත්මකව ගොඩාක් ලොකු වටිනාකමක් තියෙන, නිස්කලංක තැනක් තියෙනවා කියලා හිතාගන්නත් බැරි තරම්. ගිහිල්ලාම බලන්න ඕනෙ.
දළදා මාලිගයේ ඉඳලා ඇවිදගෙන ගියත් විනාඩි 15ක් 20ක් ඇතුලත උඩ වත්ත කැලේට යන්න පුළුවන්. D.S. සේනානායක වීදියේ කුරුණෑගල පැත්තට යද්දී මහ නුවර නගර සභාව ආසන්නයේ තියෙන තැපැල් කාර්යාලය ළඟින් දකුණට හැරිලා දිගටම උඩට යන්න, පාර දිගට බෝඩ් දාලා තියෙනවා අතරමන් වෙන්නෙ නෑ.😊😊 තපෝ වනය තියෙන්නෙත් ඒ ලඟම තමා.
ඔයා යන වාහනය park කරන්න එතන ඉඩ පහසුකම් තියෙනවා,. Wash room පහසුකම් තියෙනවා.
ඇතුල් වෙන්න ticket ගන්න ඕනෙ, ලංකාවේ කෙනෙක් නම් රු: 38/- ක්
විදේශික කෙනෙක් නම් ලංකා රුපියල් 570/- ක් අය කරනවා. ජාතික හැදුනුම්පත අරන් යන්න අමතක කරන්න එපා..😉
තව ඉතින් ඔයා යන්නෙ වැස්ස කාලෙක නම් කූඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න. 😨
ප්ලාස්ටික්, පොලිතින් මොනවත් ම ඇතුලට අරන් යන්න දෙන්නේ නෑ, නැවත භාවිත කරන භාජන වල කෑම වතුර අරන් යන්න.
Udawatte forest Kandy
Do you visit Kandy city often? Then you should definitely go there.
Udawatta forest entrance is located at about 0.5km from Temple of the Tooth.
It is hard to even imagine that there is such a beautiful,botanically very valuable, tranquil place located in the heart of Kandy city.
Even if you walk from the Temple of the Tooth, you can reach the Udawatte forest within 15 to 20 minutes. When you go to the Kurunegala side of D.S Senanayake Street, turn right near the post office near the Kandy Municipal Council and continue up, there are signs along the road and you will not get lost.
There are car parking and washroom facilities available.
You need to buy a ticket to enter, if you are a Sri Lankan you will be charged Rs. 38 / and If you are a foreigner you will be charged Rs. 570 / -. Don’t forget to take the National Identity Card..😉
And if you go in the rainy season, beware of leeches. 😨
Do not carry anything in plastic or polythene, carry food and water in reusable containers.
Go and don’t forget to see the kandy city view at the top. 😍😍😍
For more images :
No comments:
Post a Comment