පැට්නා දෙණියාය
ගොඩක් අය ගිහින් තියෙන, යන්න ආස, ප්රසිද්ධ තැනක් තමයි පැට්නා කියන්නෙ. පැට්නා තියෙන්නෙ දෙණියායෙ ඉදන් 14km විතර දුරින්, වෙහෙරහේන පාරෙ යන්න ඕනෙ.
මෙතනට යන්න තියෙන්නෙ කැලෑබද, ලස්සන පරිසරයක් මැද්දෙන්. පාරෙ අන්තිම කිලෝමීටර් 2ක විතර වල ගොඩැලි වැඩි. ඔයා එන්නෙ car එකක, van එකක නම්, වාහනේ මඟ දාලා පයින් යන්න වෙනවා.
ඒ ගමනත් නරකම නෑ.😍🤗 තේ වතු, ගස්වලින් වටවුනු පාරකින් යන්න තියෙන්නෙ. Bike එකක තීවීල් එකක වගේ යනව නම් ලඟටම යන්න පුළුවන්.
පයින් යනවා නම් කූඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න😱.
බුරැස්ගලට යන්න රුපියල් 50ක් දීලා ටිකට් එකක් ගන්න ඕනෙ. උඩට යන්න යන්න මීදුමෙන් වැහෙනව.
මෙතන තියෙන විශේෂත්වය තමා ස්වභාවික ලෙස්සන ගල.15m විතර එක දිගට ලෙස්සන්න පුළුවන්. නාන්න,ලෙස්සල යන්න ගත්තහම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. දවසක් උනත් ඉන්න හිතෙනව.😁🥰
මෙතන camping වලටත් super. ඒ වගේම ලස්සන photos ගන්නත් මෙතන හොඳ තැනක්.
ලොකු පොඩි ඕනෙ කෙනෙකුට අවදානමක් නැතුව හොඳට විනෝද වෙන්න පුළුවන්. මොකද වැටෙන්න තියෙන තැන ඒතරම් ගැඹුරු නැහැ.
ඒත් ලෙස්සද්දි පරිස්සම් වෙන්න ඕනෙ.
වැඩි විස්තර සඳහා: 041–2273275, 0412273375
Patna Deniyaya
Patna is a popular travelling place that many visit. Patna is about 14km from Deniyaya town.
If you go on a bike,three wheels(tuk-tuk) or kind of a off-road vehicle then you can go to the very close of sliding rock. But if you come on a car or van like vehicle then you will have to walk about 2Km to the sliding rock since the road has bumps. But do not worry, walking also giving an amazing experience because the road is surrounded by tea estates and trees. Beware of leeches 😱.
You have to pay 50 rupees to buy a ticket to go sliding rock. Sometimes it will fully covered by fog.
The sliding rock is long about 15m and anyone can enjoy it without a risk because the place to fall is not so deep. But be careful of side rocks when sliding. 💙
Addition to that this place is a super for camping as well. You can take beautiful photos too. So this place is a super place to go and have a fun.😍😍
For more info : 041–2273275 , 0412273375
For more images: https://www.instagram.com/p/CDojIu9MDke/?utm_source=ig_web_copy_link
No comments:
Post a Comment