Saturday, August 8, 2020

පිදුරංගල Pidurangala Sri Lanka

 

පිදුරංගල


සිගිරියෙ යනව නම් පිදුරංගල කියන්නෙ ගිහින් බලන්නම වටින තැනක්. පිදුරන්ගල පන්සලට සීගිරියෙ ඉදලා විනාඩි 10කින් විතර යන්න පුළුවන්.

පිදුරන්ගල කන්දට නගින්න තියෙන්නෙ පන්සලක් හරහා. ඒ නිසා ගැලපෙන ඇඳුමකින් යන්න ඕනෙ. කන්දෙ මුල් හරියෙ නම් පරණ ගල් පඩිපෙලක් තියෙනව ඒත් අන්තිම හරියෙ නැති නිසා hiking වලටත් ගැලපෙන විදියේ ඇඳුමක් අඳින එක හොඳයි. (Specially for girls 👸)

කන්ද මුදුනටම නගින්න පැය 1.5 -2 ක් විතර යනව. බහින්න නම් පැයක් විතර යන්නෙ. වතුර බෝතලයක් අරගෙන යනව නම් හොදයි.

ඒ වගෙම තමයි මතක ඇතුව කළුවර වැටෙන්න කලින් බහින්න ඕනෙ. මොකද කැලෙ මැද්දෙ නිසා හවස් වෙද්දි සර්පයො පාරට එන්න ඉඩ තියෙනවා.🐍
තව ඉතින් වැඩිය සද්ද නොකර යන එක හොඳයි, මොකද බඹර කූඩු, දෙඹර කූඩු වගේ තියෙනවා. එයාලට තරහ එන්න පුළුවන්.🤫🐝🤫

වැදගත්ම දේ තමයි පිදුරංගල කියන්නෙ මහ රහතුන් වහන්සේලා වැඩ හිටිය පනසලක්🙏🙏. ඒකත් මතක තියාගෙන, පරිසරයේ සුන්දරත්වයත් විඳගෙන පරිස්සමින් ගිහින් එන්න.


Pidurangala

If you are going to Sigiriya, Pidurangala is a place worth visiting at least once. The Pidurangala Temple can be reached in about 10 minutes from Sigiriya.

You have to climb Pidurangala mountain through a temple. So you have to go with a matching dress. There is an old stone staircase at the beginning of the hill but not at the end, so it is better to dress for hiking. (Specially for girls)

It takes about 1.5–2 hours to climb to the top of the mountain. It takes about an hour to descend.Also, remember to get down before dark. Because in the middle of the jungle, snakes may come to the road in the evening.🐍
It is better not to make too much noise, because there are wasp nests, like wasp nests. They can get angry.🤫🐝🤫

Most importantly, Pidurangala is a temple where the great Arahants lived. With that in mind, come and enjoy the beauty of the environment

For more images : https://www.instagram.com/p/CDMQafrMdOp/?utm_source=ig_web_copy_link

No comments:

Post a Comment

අම්බුළුවාව Ambuluwawa

 අම්බුළුවාව ගම්පොළ ආසන්නයේ පිහිටලා තියෙන තවත් සුන්දර තැනක් තමයි අම්බුළුවාව. තමන්ගේ වාහනේකින් හරි බස් එකෙන් වුනත් යන්න පුළුවන්. හෙම්මාතගම, ගම...