Friday, September 18, 2020

අම්බුළුවාව Ambuluwawa

 අම්බුළුවාව





ගම්පොළ ආසන්නයේ පිහිටලා තියෙන තවත් සුන්දර තැනක් තමයි අම්බුළුවාව. තමන්ගේ වාහනේකින් හරි බස් එකෙන් වුනත් යන්න පුළුවන්. හෙම්මාතගම, ගම්පොළ පාරෙ තමා අම්බුළුවාවට ඇතුල්වෙන තැන තියෙන්නේ.

බස් එකේ යනව නම් හෙම්මාතගම - ගම්පොළ බස් එකක යන්න ඕනෙ, අම්බුළුවාව entrance එකට ticket ගන්න.

වාහනේක යනවා නම් උඩටම උනත් යන්න පුළුවන්, off road ඕනෙම වාහනේකින්. පාර කඳු, ගැටි තියෙන නිසා car වගේ වාහන වලට යන්න අමාරුයි.

ඇතුල් වෙන්න ticket ගන්න ඕනෙ, එක්කෙනෙකුට රුපියල් 50යි. හැඳුනුම්පත අරන් යන්න මතක ඇතිව. වාහනයෙන් උඩට යනවා නම් ඒකට වෙනම රු100ක ticket එකක් ගන්න ඕනෙ. උඩ parking තියෙනවා. කැමති නම් පයින් උනත් යන්න පුළුවන්, විනාඩි 45ක විතර ගමනක්. ඕනෙ නම් Entrance එක ලඟ three wheel park එකකුත් තියෙනවා, three wheeler එකකින් උඩටම යන්න පුළුවන්.

උඩ කඩවල් නැහැ , කන්න snacks වගේ දෙයක් ඕනෙ නම් entrance එක ලග කඩෙන් අරන් යන්න. වතුර, washroom පහසුකම් උඩ තියෙනවා.

අම්බුළුවාව කියන්නෙ සර්ව ආගමික ස්ථානයක්. උස tower එකට අමතරව පන්සලක්, ක්‍රිස්තියානි පල්ලියක්, කෝවිලක්, ඉස්ලාම් පල්ලියක් තියෙනවා. පූජකවරු නම් නැහැ. තව ඇවිදින්න park එකක් වගේම කෘතිමව හදාපු උමගකුත් තියෙනවා.

Tower එක උඩට නැග්ගහම අම්බුළුවාව නගරය වගේම නකල්ස් කඳු වැටිය, පිදුරුතලාගල කන්ද, බතලේගල, සමනල කන්ද වගේ කදු වළලුත් හොඳට බලන්න පුළුවන්. ඒත් ඔයා යන්නෙ වැස්ස නැති දවසක නම් විතරයි,. වැස්ස කියලා දුක් වෙන්න එපා, වැස්ස දවසට උඩට නැග්ගහම වළාකුළු වලින් උඩට ගියා වගේ අත්දැකීමක් ගන්න පුළුවන්.

මෙතන camp කරන්න නම් බෑ, මොකද උදේ 8.30 ඉදලා හවස 6 වෙනකල් විතරයි විවෘත කරලා තියෙන්නේ.

Photos බලන්න : Ambuluwawa photos

Ambuluwawa

Ambuluwawa is another beautiful place located in Gampola. You can go by your own vehicle or by public bus.You have to go through Hemmatagama-Gampola Road to reach the Ambuluwawa entrance .

If you are going by bus, you have to take a Hemmatagama - Gampola bus and buy a ticket at the Ambuluwawa entrance. If you are going in a vehicle, you can go uphill, off road with any vehicle. The road is hilly and bumpy, making it difficult for vehicles such as cars.

You have to buy a ticket to enter and it is Rs. 50 per person. Remember to take your ID with you. If you go up by the vehicle you have to buy a separate Rs. 100 ticket for vehicle. There is parking upstairs. If you like, you can go on foot, a journey of about 45 minutes. If you want, there is a three wheel park near the entrance, you can go up by a three wheeler as well.

There is no shops at the top, if you want something like snacks to eat, take it from the shop near the entrance. Water and washroom facilities are there at the top.

Ambuluwawa is an all-religious place. In addition to the tall tower, there is a temple, a Christian church, a kovil and an Islamic mosque. There are no priests. There is also a walking park as well as an artificial tunnel.

From the top of the tower you can see the city of Ambuluwawa as well as the Knuckles Range, Pidurutalagala Kanda, Batalegala and Samanala Kanda. But you only go when it's not raining. Don't worry about the rain, it can feel like climbing up clouds on a rainy day.

You can't camp here, because it's only open from 8.30am to 6pm.

for more images : Ambuluwawa photos





Sunday, August 23, 2020

හුලන්ගල කන්ද Hulangala Hiking

 හුලන්ගල කන්ද


හුලන්ගල කියන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන බොහොම ලස්සන කන්දක්.  මේ කන්දට යන්න පාරවල් කිහිපයක් ම තියෙනව. ඒකෙන් සැලගම පාරෙන් යන එක ආරක්ශිතයි. මොකද වෙන පාරවල් වලින් ගියොත් කන්ද නගින්න වෙන්නෙ දුශ්කර කැලෑ පාරකින්,. ඒ විදිහට යනව නම් ගමේ කෙනෙක්ගෙ හරි, පාර දන්න කෙනෙක්ගෙ හරි උදවු ඕනෙ. නැත්නම් අතරමන් වෙන්නත් ඉඩ තියෙනව.

සැලගම පාරෙන් යද්දි කන්ද උඩටම වාහනේක යන්න පුළුවන්. ඒත් ඔයා යන්නෙ car එකක, van එකක නම් යන්න අමාරුයි, මොකද වල ගොඩැලි තියෙනවා. එහෙම උනොත් යන්න කිලෝමීටර් 2.5 විතර පයින් යන්න වෙනවා,යන්න තියෙන්නේ  මීදුමෙන් වැහෙන තේ වතු මැද්දෙන්, එකත්  හරි අපූරු ගමනක්. බයිසිකලයකින් හෝ ත්‍රිරෝද රථයකින් යනවා නම් ඔයාට පහසුවෙන් ඉහළට යන්න පුළුවන්.

රුපියල් 30ක් දීලා ටිකට් එකක් ගන්න ඕනෙ. වාහනෙකින් යනවා නම් රුපියල් 250ක් ගෙවන්න වෙනවා.

මෙතන කුඩා ලෝකාන්තය තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදලා මීටර් 760 (අඩි 2500) ක් උසින්. හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) ක් විතර උසයි.

කන්ද උඩටම ගියහම බොහොම ලස්සන වට පිටාවක් තියෙන්නෙ. මී දුම, සීතල හුළඟත් එකක එකතු වෙලා ඇඟට දැනෙන්නේ හරිම fresh feeling එකක්. 😎

දකුණු පැත්තට වෙන්න තියෙන කදු ගැටේට නඟිනවා නම් පරිසමින් යන්න ඕන, ලෙස්සනව. කූඩැල්ලොත් ඉන්නවා, එයාලාගෙන් පරිස්සම් වෙන්න. 

මෙතන camping කරන්නත් පුළුවන්.⛺🏕⛺

කන්ද පාමුල සැලගම වතු යායෙ යටවත්ත බිසො ඇල්ල තියෙනවා. ඇල්ලට යන්න කන්ද පටන්ගන්න හරියේ වතු යායේ කාගෙන් හරි ඇහුවනම් ඔයාලට කියයි. නාන්න, photo ගන්න එතන super..📷 

Hulangala  Hiking

Hulangala is one of the most beautiful mountains in the Matale District. There are several roads to this mountain. It is safe to drive on Salagama Road. According to villagers, It is hard to climb up on jungle paths. If you want to go on a jungle path you had better to get help by villagers. Otherwise you may lost the path🥶

On the Salagama road you can go up the hill in a vehicle. But if you go by car, van, it's difficult to go because there are bumps. If that happens, you have to walk about 2.5 km. can.

You have to pay 30 rupees to buy a ticket. If you go by car you have to pay 250 rupees.

The end of the small worldend is 760 meters (2500 feet) above sea level. However, Mount Hulangala rises to 1025 m (3360 ft).

There is a very beautiful surroundings when you go up the mountain. The rat smoke, combined with the cold air, gives the body a very fresh feeling. 💙

If you are going up the hill to the south from here, you have to be careful and easy. There are leeches, beware of them.

You can also camp here.⛺🏕⛺

You can take a bath in the Yatawatta Biso Falls, which in selagama states. Because you can take a small footpath and go the easy way up the ear. simply ask about the path from a village person. 


For more images : https://www.instagram.com/p/CEMnm5EMgtv/?utm_source=ig_web_copy_link


Saturday, August 8, 2020

පිදුරංගල Pidurangala Sri Lanka

 

පිදුරංගල


සිගිරියෙ යනව නම් පිදුරංගල කියන්නෙ ගිහින් බලන්නම වටින තැනක්. පිදුරන්ගල පන්සලට සීගිරියෙ ඉදලා විනාඩි 10කින් විතර යන්න පුළුවන්.

පිදුරන්ගල කන්දට නගින්න තියෙන්නෙ පන්සලක් හරහා. ඒ නිසා ගැලපෙන ඇඳුමකින් යන්න ඕනෙ. කන්දෙ මුල් හරියෙ නම් පරණ ගල් පඩිපෙලක් තියෙනව ඒත් අන්තිම හරියෙ නැති නිසා hiking වලටත් ගැලපෙන විදියේ ඇඳුමක් අඳින එක හොඳයි. (Specially for girls 👸)

කන්ද මුදුනටම නගින්න පැය 1.5 -2 ක් විතර යනව. බහින්න නම් පැයක් විතර යන්නෙ. වතුර බෝතලයක් අරගෙන යනව නම් හොදයි.

ඒ වගෙම තමයි මතක ඇතුව කළුවර වැටෙන්න කලින් බහින්න ඕනෙ. මොකද කැලෙ මැද්දෙ නිසා හවස් වෙද්දි සර්පයො පාරට එන්න ඉඩ තියෙනවා.🐍
තව ඉතින් වැඩිය සද්ද නොකර යන එක හොඳයි, මොකද බඹර කූඩු, දෙඹර කූඩු වගේ තියෙනවා. එයාලට තරහ එන්න පුළුවන්.🤫🐝🤫

වැදගත්ම දේ තමයි පිදුරංගල කියන්නෙ මහ රහතුන් වහන්සේලා වැඩ හිටිය පනසලක්🙏🙏. ඒකත් මතක තියාගෙන, පරිසරයේ සුන්දරත්වයත් විඳගෙන පරිස්සමින් ගිහින් එන්න.


Pidurangala

If you are going to Sigiriya, Pidurangala is a place worth visiting at least once. The Pidurangala Temple can be reached in about 10 minutes from Sigiriya.

You have to climb Pidurangala mountain through a temple. So you have to go with a matching dress. There is an old stone staircase at the beginning of the hill but not at the end, so it is better to dress for hiking. (Specially for girls)

It takes about 1.5–2 hours to climb to the top of the mountain. It takes about an hour to descend.Also, remember to get down before dark. Because in the middle of the jungle, snakes may come to the road in the evening.🐍
It is better not to make too much noise, because there are wasp nests, like wasp nests. They can get angry.🤫🐝🤫

Most importantly, Pidurangala is a temple where the great Arahants lived. With that in mind, come and enjoy the beauty of the environment

For more images : https://www.instagram.com/p/CDMQafrMdOp/?utm_source=ig_web_copy_link

උඩවත්ත කැලේ නුවර Udawatte forest Kandy

උඩවත්ත කැලේ නුවර

 

නිතරම මහ නුවර යනවද? එහෙනම් ඔයා අනිවාර්යෙන්ම මෙතනට යන්න ඕනෙ.මහ නුවර නගරයේ, ශ්‍රි දළදා මාළිගාවේ සිට කිලෝමීටර් බාගයක් තරම් දුරකින් තමා උඩ වත්ත කැලේ පිවිසුම තියෙන්නෙ.

නගරයට ඉතාම ආසන්නයේ මේ වගේ ලස්සන, වගේම උද්භිද විද්‍යාත්මකව ගොඩාක් ලොකු වටිනාකමක් තියෙන, නිස්කලංක තැනක් තියෙනවා කියලා හිතාගන්නත් බැරි තරම්. ගිහිල්ලාම බලන්න ඕනෙ.
දළදා මාලිගයේ ඉඳලා ඇවිදගෙන ගියත් විනාඩි 15ක් 20ක් ඇතුලත උඩ වත්ත කැලේට යන්න පුළුවන්. D.S. සේනානායක වීදියේ කුරුණෑගල පැත්තට යද්දී මහ නුවර නගර සභාව ආසන්නයේ තියෙන තැපැල් කාර්යාලය ළඟින් දකුණට හැරිලා දිගටම උඩට යන්න, පාර දිගට බෝඩ් දාලා තියෙනවා අතරමන් වෙන්නෙ නෑ.😊😊 තපෝ වනය තියෙන්නෙත් ඒ ලඟම තමා.
ඔයා යන වාහනය park කරන්න එතන ඉඩ පහසුකම් තියෙනවා,. Wash room පහසුකම් තියෙනවා.
ඇතුල් වෙන්න ticket ගන්න ඕනෙ, ලංකාවේ කෙනෙක් නම් රු: 38/- ක්
විදේශික කෙනෙක් නම් ලංකා රුපියල් 570/- ක් අය කරනවා. ජාතික හැදුනුම්පත අරන් යන්න අමතක කරන්න එපා..😉
තව ඉතින් ඔයා යන්නෙ වැස්ස කාලෙක නම් කූඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න. 😨
ප්ලාස්ටික්, පොලිතින් මොනවත් ම ඇතුලට අරන් යන්න දෙන්නේ නෑ, නැවත භාවිත කරන භාජන වල කෑම වතුර අරන් යන්න.

Udawatte forest Kandy

Do you visit Kandy city often? Then you should definitely go there.
Udawatta forest entrance is located at about 0.5km from Temple of the Tooth.
It is hard to even imagine that there is such a beautiful,botanically very valuable, tranquil place located in the heart of Kandy city.
Even if you walk from the Temple of the Tooth, you can reach the Udawatte forest within 15 to 20 minutes. When you go to the Kurunegala side of D.S Senanayake Street, turn right near the post office near the Kandy Municipal Council and continue up, there are signs along the road and you will not get lost.
There are car parking and washroom facilities available.
You need to buy a ticket to enter, if you are a Sri Lankan you will be charged Rs. 38 / and If you are a foreigner you will be charged Rs. 570 / -. Don’t forget to take the National Identity Card..😉
And if you go in the rainy season, beware of leeches. 😨
Do not carry anything in plastic or polythene, carry food and water in reusable containers.
Go and don’t forget to see the kandy city view at the top. 😍😍😍

For more images :

පැට්නා දෙණියාය Patna Deniyaya

පැට්නා දෙණියාය

 

ගොඩක් අය ගිහින් තියෙන, යන්න ආස, ප්‍රසිද්ධ තැනක් තමයි පැට්නා කියන්නෙ. පැට්නා තියෙන්නෙ දෙණියායෙ ඉදන් 14km විතර දුරින්, වෙහෙරහේන පාරෙ යන්න ඕනෙ.

මෙතනට යන්න තියෙන්නෙ කැලෑබද, ලස්සන පරිසරයක් මැද්දෙන්. පාරෙ අන්තිම කිලෝමීටර් 2ක විතර වල ගොඩැලි වැඩි. ඔයා එන්නෙ car එකක, van එකක නම්, වාහනේ මඟ දාලා පයින් යන්න වෙනවා.
ඒ ගමනත් නරකම නෑ.😍🤗 තේ වතු, ගස්වලින් වටවුනු පාරකින් යන්න තියෙන්නෙ. Bike එකක තීවීල් එකක වගේ යනව නම් ලඟටම යන්න පුළුවන්.
පයින් යනවා නම් කූඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න😱.

බුරැස්ගලට යන්න රුපියල් 50ක් දීලා ටිකට් එකක් ගන්න ඕනෙ. උඩට යන්න යන්න මීදුමෙන් වැහෙනව.
මෙතන තියෙන විශේෂත්වය තමා ස්වභාවික ලෙස්සන ගල.15m විතර එක දිගට ලෙස්සන්න පුළුවන්. නාන්න,ලෙස්සල යන්න ගත්තහම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. දවසක් උනත් ඉන්න හිතෙනව.😁🥰
මෙතන camping වලටත් super. ඒ වගේම ලස්සන photos ගන්නත් මෙතන හොඳ තැනක්.

ලොකු පොඩි ඕනෙ කෙනෙකුට අවදානමක් නැතුව හොඳට විනෝද වෙන්න පුළුවන්. මොකද වැටෙන්න තියෙන තැන ඒතරම් ගැඹුරු නැහැ.
ඒත් ලෙස්සද්දි පරිස්සම් වෙන්න ඕනෙ.

වැඩි විස්තර සඳහා: 041–2273275, 0412273375

Patna Deniyaya

Patna is a popular travelling place that many visit. Patna is about 14km from Deniyaya town.

If you go on a bike,three wheels(tuk-tuk) or kind of a off-road vehicle then you can go to the very close of sliding rock. But if you come on a car or van like vehicle then you will have to walk about 2Km to the sliding rock since the road has bumps. But do not worry, walking also giving an amazing experience because the road is surrounded by tea estates and trees. Beware of leeches 😱.

You have to pay 50 rupees to buy a ticket to go sliding rock. Sometimes it will fully covered by fog.
The sliding rock is long about 15m and anyone can enjoy it without a risk because the place to fall is not so deep. But be careful of side rocks when sliding. 💙

Addition to that this place is a super for camping as well. You can take beautiful photos too. So this place is a super place to go and have a fun.😍😍

For more info : 041–2273275 , 0412273375

For more images: https://www.instagram.com/p/CDojIu9MDke/?utm_source=ig_web_copy_link


අම්බුළුවාව Ambuluwawa

 අම්බුළුවාව ගම්පොළ ආසන්නයේ පිහිටලා තියෙන තවත් සුන්දර තැනක් තමයි අම්බුළුවාව. තමන්ගේ වාහනේකින් හරි බස් එකෙන් වුනත් යන්න පුළුවන්. හෙම්මාතගම, ගම...