හුලන්ගල කන්ද
හුලන්ගල කියන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන බොහොම ලස්සන කන්දක්. මේ කන්දට යන්න පාරවල් කිහිපයක් ම තියෙනව. ඒකෙන් සැලගම පාරෙන් යන එක ආරක්ශිතයි. මොකද වෙන පාරවල් වලින් ගියොත් කන්ද නගින්න වෙන්නෙ දුශ්කර කැලෑ පාරකින්,. ඒ විදිහට යනව නම් ගමේ කෙනෙක්ගෙ හරි, පාර දන්න කෙනෙක්ගෙ හරි උදවු ඕනෙ. නැත්නම් අතරමන් වෙන්නත් ඉඩ තියෙනව.
සැලගම පාරෙන් යද්දි කන්ද උඩටම වාහනේක යන්න පුළුවන්. ඒත් ඔයා යන්නෙ car එකක, van එකක නම් යන්න අමාරුයි, මොකද වල ගොඩැලි තියෙනවා. එහෙම උනොත් යන්න කිලෝමීටර් 2.5 විතර පයින් යන්න වෙනවා,යන්න තියෙන්නේ මීදුමෙන් වැහෙන තේ වතු මැද්දෙන්, එකත් හරි අපූරු ගමනක්. බයිසිකලයකින් හෝ ත්‍රිරෝද රථයකින් යනවා නම් ඔයාට පහසුවෙන් ඉහළට යන්න පුළුවන්.
රුපියල් 30ක් දීලා ටිකට් එකක් ගන්න ඕනෙ. වාහනෙකින් යනවා නම් රුපියල් 250ක් ගෙවන්න වෙනවා.
මෙතන කුඩා ලෝකාන්තය තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදලා මීටර් 760 (අඩි 2500) ක් උසින්. හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) ක් විතර උසයි.
කන්ද උඩටම ගියහම බොහොම ලස්සන වට පිටාවක් තියෙන්නෙ. මී දුම, සීතල හුළඟත් එකක එකතු වෙලා ඇඟට දැනෙන්නේ හරිම fresh feeling එකක්. 😎
දකුණු පැත්තට වෙන්න තියෙන කදු ගැටේට නඟිනවා නම් පරිසමින් යන්න ඕන, ලෙස්සනව. කූඩැල්ලොත් ඉන්නවා, එයාලාගෙන් පරිස්සම් වෙන්න.
මෙතන camping කරන්නත් පුළුවන්.⛺🏕⛺
කන්ද පාමුල සැලගම වතු යායෙ යටවත්ත බිසො ඇල්ල තියෙනවා. ඇල්ලට යන්න කන්ද පටන්ගන්න හරියේ වතු යායේ කාගෙන් හරි ඇහුවනම් ඔයාලට කියයි. නාන්න, photo ගන්න එතන super..📷
Hulangala Hiking
Hulangala is one of the most beautiful mountains in the Matale District. There are several roads to this mountain. It is safe to drive on Salagama Road. According to villagers, It is hard to climb up on jungle paths. If you want to go on a jungle path you had better to get help by villagers. Otherwise you may lost the path🥶
On the Salagama road you can go up the hill in a vehicle. But if you go by car, van, it's difficult to go because there are bumps. If that happens, you have to walk about 2.5 km. can.
You have to pay 30 rupees to buy a ticket. If you go by car you have to pay 250 rupees.
The end of the small worldend is 760 meters (2500 feet) above sea level. However, Mount Hulangala rises to 1025 m (3360 ft).
There is a very beautiful surroundings when you go up the mountain. The rat smoke, combined with the cold air, gives the body a very fresh feeling. 💙
If you are going up the hill to the south from here, you have to be careful and easy. There are leeches, beware of them.
You can also camp here.⛺🏕⛺
You can take a bath in the Yatawatta Biso Falls, which in selagama states. Because you can take a small footpath and go the easy way up the ear. simply ask about the path from a village person.
For more images : https://www.instagram.com/p/CEMnm5EMgtv/?utm_source=ig_web_copy_link